කොලිවුඩ් තිරය ගිනිතැබීමට සූදානම් වන කල්කි 2898

 

ඉන්දියානු රුපියල් කෝටි 600 (ඇමරිකානු ඩොලර් මිලියන 72) නිෂ්පාදන පිරිවැයක්

වර්තමානය වන විට බොලිවුඩ් සිනමාව අබිබවා යන තත්ත්වයට කොලිවුඩ් චිත්‍රපට දියුණුවෙලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි කොලිවුඩ් සිනමාව ඇතුළේ සිදුවන නව්‍ය අත්හදා බැලීම්. ඔවුන් නිතරම ඇභියෝගාත්මක තිර පිටපත් එක්ක අවදානම්සහගත අත්හදා බැලීම් කරන්න නිතරම උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඔවුන් සිනමාපටයේ උපරිම රසය ප්‍රේක්‍ෂකයින්ට ලබාදීම සඳහා ඉතා ඉහළ පිරිවැයක් දරමින් සිනමාපට නිර්මාණය කරනවා. මේ දවස්වල බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙන චිත්‍රපටයක් තමයි ම්චතඬඪ 2898 ඒච් කියන්නේ. ජූනි 29 වැනිදා සිට ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ප්‍රදර්ශනය වූ ම්චතඬඪ 2898 ඒච් මේ වසරේ වැඩිම ආදායමක් දරා නිෂ්පාදනය කරන ලද සිනමාපටය විදිහටත් ඉතිහාස ගතවනවා.

නාග් අශ්වින් විසින් තිරරචනය ලියා අධ්‍යක්‍ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය 2024 ඉන්යානු එපික් ඩිස්ටෝපියන් ක්‍රියාදාම චිත්‍රපටයක් විදිහට තිරගතවීමට නියමිතයි. වෛජයන්ති සිනමා බැනරය යටතේ සී. අස්වානී දත් විසින් නිෂ්පාදනය කරනු ලබන මෙය තෙලිගු භාෂාවෙන් තිරගත කර තිබෙනවා. ඊට අමතරව සමහර දර්ශන හින්දි භාෂාවෙන් පවා රූගත කර තිබෙන්නේ මෙම චිත්‍රපටය තෙලිගු භාෂාවට අමතරව හින්දි භාෂාවෙන්ද තිරගත වන නිසයි. හින්දු ධර්ම ග්‍රන්ථවලින් ආභාසය ලැබූ මෙම චිත්‍රපටය ක්‍රිස්තු වර්ෂ 2898 දී පශ්චාත්-අපෝකැලිප්ටික් ලෝකයක් පසුබිම් කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙම චිත්‍රපටයෙහි ප්‍රභාෂ් ප්‍රධාන චරිතයට පණ පොවන අතර අමිතාබ් බච්චන්, කමල් හසන්, දීපිකා පදුකෝන්, දිෂා පතානි සහ බ්‍රහ්මනන්දම් ඇතුළු පිරිසක් සෙසු චරිත රංගනයෙන් දායකවනවා.

2020 පෙබරවාරි මාසයේදී ප්‍රථම වරට මෙය ප්‍රකාශයට පත් කරනු ලැබූවත්, කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක රූගත කිරීම් කල්දමනු ලබනවා. කෙසේ වෙතත් අවසාන වශයෙන් 2021 ජූලි මාසයේදී රූගත කිරීම් ආරම්භ කරනු ලබනවා.

ඉන්දියානු රුපියල් කෝටි 600 (ඇමරිකානු ඩොලර් මිලියන 72) නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කරන ලද කල්කි හි සංගීතය සන්තෝෂ් නාරායනන් විසින් සිදුකර තිබෙනවා. කොටස් කිහිපයකින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන මෙම සිනමාපටයෙහි පළමු කොටස ලෙස මෙය රසිකයින් අතරට පත්වෙනවා. මුලින්ම 2024 මැයි 9 වන දින නිකුත් කිරීමට නියමිතව තිබූ නමුත් 2024 ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් සිනමාපටය තිරගත කිරීම කල් දමා තිබෙනවා. මේ අනුව එය අයි මැක්ස් ත්‍රී ඩී සහ වෙනත් විවිධ චිත්‍රපට ආකෘතිවලින් 2024 ජූනි 27 දින ලොව පුරා තිරගත වීම ඇරඹුණි.

පුරාණ ඉන්දියානු හින්දු මිථ්‍යා කථා සහ ඩිස්ටෝපියන් සමාජයක් පසුබිම් කර ගත් මෙම කථාව, කලියුගයේ ආරම්භය වූ ක්‍රි.පූ. 3102 මහා භාරතයේ සිදුවීම්වල සිට ක්‍රිස්තු වර්ෂ 2898 දක්වා සහස්‍ර ගණනාවක් පුරා දිවෙන ගමන විස්තර කරනු ලබනවා. චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තේ හින්දු දේවතාවියක් වන විෂ්ණුගේ දසවන සහ අවසාන අවතාරය වන කල්කිගේ ප්‍රහේලිකාවේ ආගමනය වටාය.

කල්කි 2898 AD ප්‍රභාෂ්ට අමතරව අමිතාබ් බච්චන් අශ්වත්තමා ලෙසත්, කමල් හසන්, සංකීර්ණයේ ප්‍රකාශිත දෙවියා වන උත්තරීතර යස්කින් ලෙසත් දීපිකා පදුකෝන් ගර්භනී විද්‍යාගාර සහායිකාවක් ලෙසත් දිෂා පටානි රොක්සි ලෙසත් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වනවා. ඔවුන්ට අමතරව රාඡේන්ද්‍ර ප්‍රසාද්, ශෝබනා, ශස්වත චටර්ජි, බ්‍රහ්මානන්දන්, ඇනා බෙන්ඩ්, කීර්ති සුරේෂ් සහ පසුපති රංගනයෙන් දායක වනවා. අනෙක් විශේෂතම කාරණය වන්නේ දුල්කර් සල්මාන් සහ විජය දේවරකොන්ඩා ආරාධිත රංගනයෙන් දායක වීමයි. එය සිනමාපටයට වෙනස් ආකර්ශණයක් එකතුකරනු ඇතිබව බොහෝ විචාරකයින්ගේ මතය වී තිබෙනවා කල්කි 2898 AD යනු, ප්‍රභාෂ් සහ නාග් අශ්වින් එකට වැඩ කරන පළමු වතාවයි. 2019 සරේදී නාග් අශ්වින් විසින් විස්නි නිර්මාණය කරන ලද මහාන්ත් හි සාර්ථකත්වයෙන් පසුව ඔහු මෙම දැවන්ත නිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා.

2020 වසරේදී දීපිකා පදුකෝන් මෙහි රංගනය සඳහා ගිවිසුම් අත්සන් කළ අතර, එය ඇගේ පළමු තෙළිඟ සිනමා නිර්මාණය සහ ප්‍රභාෂ් සමඟ රඟපාන පළමු අවස්ථාවද වනවා. ඇය පවසන්නේ තෙළිගු නිෂ්පාදනයක් හා සම්බන්ධවීමට ලැබීම සතුටට කරුණක් බවයි. මුල් අදියරේදී දීපිකාගේ චරිතය තුළ වැඩි යමක් නොවූවත්, අධ්‍යක්‍ෂකවරයා විසින් ඇගේ තරු ගුණයට ගැළපෙන ලෙස තිරපිටපත වෙනස් කර ඇති බවත් කොලිවුඩ්වලින් ආරංචි වෙනවා. ඊට අමතරව අමිතාබ්ගේ චරිතයත් චිත්‍රපටයේ වැඩි වැදගත්කමක් හිමිකරගනු ලබනවා. දීෂා පටානි ඇගේ ලෝෆර් චිත්‍රපටයෙන් පසුව නැවතත් තෙළිගු සිනමාව හා සම් බන්ධ වෙන්නේ මේ චිත්‍රපටයෙන්. එමෙන්ම කමලහසන්ගේ රංගනයද චිත්‍රපටයට වැඩි ආලේකයක් එකතු කර තිබෙනවා.

පසුගිය දිනවල දීපිකා පදුකෝන් ගැබිනියකව සිටියදීත් කල්කි 2898 AD  පූර්ව ප්‍රචාරක වැඩසටහන්වලට සම්බන්ධ වී සිටියා. ඇයත් සමග නිරන්තරයෙන්ම අමිතාබ් බච්චන් සහ ප්‍රභාෂ් රැදී සිටි අතර මෙය බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අවස්ථාවක් වූවා. කොහොම නමුත් කල්කි තිරගත වීමට පෙර සිටම බොහෝ දෙනාගේ අවධානයට සහ කතාබහට ලක් වෙලා අවසන්. මෙය ඉන්දියානු සිනමා ඉතිහාසය වෙනස් කරන චිත්‍රපටයක් වෙයි කියලා තමයි බොහෝ දෙනා සදහන් කරන්නේ. ඒක නිසා ඔබත් කල්කි 2898 AD සිනමාපටය බලන්න අමතක කරන්න එපා.
 
 පූර්ව ප්‍රචාරක පටය

 

සටහන :

අමිල නුවන් මධුසංඛ

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4