Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4

අපි ගැන About us

Lanka Radio අපේ විශේෂත්වය නම්, ලෝකයේ කොතනක හෝ සිට ඔබ අපට සවන් දෙන්නේ නම්, ඔබවැනිම තවත් ශ්රී ලාංකිකයන් පිරිසක් ඔබ සමගම අපට සවන් දෙන බව අපට සහතික කර ප්රවකාශ කළ හැකියි. එය ඔබට සතුටට කරුණක් නොවේද ? ලොවේ දසත ඔබ අපි මේ හැම විසිරී කාර්යබහුල දිවියක් ගෙවූවත් එක මොහොතක අපි සැම එක අරමුණකට ගොනු කරන්නට ලංකා රේඩියෝ අප සමත් වී ඇත... අන්න ඒ නිසාමයි අපි කියන්නෙ අපි තනිවී නැතැයි කියා.... අපගේ හද පිරි ආදරය ලංකා රේඩියෝ හරහා ඔබට තිලිණ කරන්නේ ඉතාමත්ම සතුටිනි....

වසර කිහිපයකට පෙර සිට අප ජර්මනියේ FM නාලිකා 2 මගින් සතිපතා අපේ වැඩ සටහන් ගුවනට එක කළා.... අද ලොව පුරාම අපට සවන් දෙන රසිකයන් ගණන දසදහස් ගණනින් දිනපතා වැඩි වෙමින් පවතී.. මේ නාලිකා 2 ජාත්‍යන්තරයේ විවද භාෂා මගින් වැඩ සටහන් නිෂ්පාදනය කරන නිසාම අපටත් මේ මා හැගි අවස්ථාව ලබී තිබෙනවා....

අපගේ වැඩ සටහන් ඔවුන් සමග එක්ව සිංහල සහ ජර්මන් භාෂා වලින් ගුවනට එක් කරන්නට ඉන් ලැබෙන්නෙ නොමද පිටුවහලක්. එමෙන්ම විවිධ හරවත් ගීත සහ සංස්කෘතික වැඩ සටහන් මෙන්ම රටේ ප්‍රවීණ  ප්‍රසිද්ධ කලාකරුවන් සජීවීව සම්බන්ධ කර ගනිමින් පටිගත කරන වැඩසටහන් නිසා ලංකා රේඩියෝ ඔබේ හදවතේ විශේෂ තැනක් ගන්නා බව අපට සැකයක් නැත...

ජීවිතය යනු ප්‍රජා අවධානය යොමු කරන, ධනාත්මක අන්තර්ගතයන්ගෙන් සමන්විත ගීත විකාශනය කිරීමෙන් රසික රසිකාවියන්ට සේවය කරන ප්‍රජා ගුවන් විදුලි මධ්යස්ථානයකි. ඔබේ ජීවිතයේ බලාපොරොත්තුව නොමද ප්‍රීතියෙන් හා පිරිපුන් යථාර්තයෙන් ආස්වාදජනක ලෙස ගෙවීමයි... ජීවිතය පිළිබඳ දැක්ම සමකාලීන විය යුතු අතර, වර්තමාන සමාජ ගැටළු පිළිබඳව කථා කිරීමට ලංකා රේඩියෝ තුළින් අප බලාපොරොත්තු වෙමු... එමෙන්ම නව යොවුන් ආදර පිළිබද යථා අවබෝධයෙන් යුතු හරවත් වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් ප්‍රීතියෙන් අපේ ප්රිමුඛතම බලාපොරොත්තුවකි... සමාජයේ ජීවත් වන විට මුහුණ දීමට සිදුවන විවිද සංකීර්ණ ගැටළු පිළිබද සහ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට ඇවසි උපදෙස් Lanka Radio අප නොපැකිලිව ඔබ වෙත ලබා දෙන්නේ ප්‍රවීණ රචකයන් පිරිසකගේ සෘජු මැදිහත්වීමෙනි. Lanka Radio යනු තරුණ අසන්නන් සඳහා පමණක් කේන්ද්‍ර ගත වූවක් නොවේ. සෑම වයස් මට්ටමකම රසිකයන්ට සරිලන සේ සකස් වෙන වැඩ සටහන් මෙහි අන්තර්ගතය. එමගින් බුද්ධිය සහ දැනුම ලබා දීම Lanka Radio අපේ බලාපොරොත්තුවයි... අප FM තරංග මගින් සහ DAB + (Digital Audio Broadcasting) ජර්මනියේ අසන්නන්ට සහ ලොව පුරා රසිකයන්ට අන්තර්ජාලය මගින් වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි... එමගින් ඔබගේ දෙසවනට නවතම, ගීත සහ සමාජයේ විවිද පැතිකඩ ගෙන ඒම අපගේ ඉලක්කයයි. සංගීත ක්ෂ්තරයේ ජනප්රිසය ගායක ගායිකාවන්ට මෙන්ම සංගීත ‍ක්ෂ්තරයට අලුතින් එක්වන ගායක ගායිකාවන්ටද ඔවුන්ගේ ගීත ලොව පුරා විකාශනය  කර එම ගීත  ප්‍රචලිත  කිරීමට කදිම වේදිකාවක් Lanka Radio මගින් දැන් උදා කර ඇත... පෙර මෙන්ම ඉදිරියටත් අඛන්ඩව එම ගීත ලංකා රේඩියෝ තුළින් විකාශනය කරමින් ජනප්‍රිය කර දීමට කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කර සිටිමු... අපගේම වෙබ් පිටුවකින් අප ඔබ වෙත එන්නේ තව තවත් ඔබගේ රසාස්වාදය නගා සිටුවන්න ඔබගේ ප්‍රියතම සංගීතය කුමක් වුවත්, ඔබට එය Lanka Radio මගින් නොවරදවාම ලබා ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි.

රැදී සිටින්න අපත් සමග….

The speciality of Lanka Radio is that we can certify that like minded Sri Lankans are also listening to this channel around the globe. Doesn’t that make you glad? Though we lead busy lives going about our work from different places in the world, listening to Lanka Radio makes all of us Sri Lankans come together focused on one thing, even for a few moments. That is the reason why we say we are not alone. Lanka Radio comes to you with love & affection to unite all Sri Lankans world over even for a few valuable moments!

A few years ago we brought Lanka Radio to you weekly through two FM channels. Today we have a growing global listership. As these channels broadcast programs in different languages, we have also got this amazing opportunity to air programs in our own language Sinhala.

These channels provide us a great help in being able to broadcast programs in Sinhala & in German. As we play popular songs, air cultural programs & connect with local artists, we are certain that this channel occupies a special place in your hearts.

We expect to also have programs about life struggles of people & how they cope with it.
We also hope to air programs about stories of love & understanding for your entertainment.

We also will focus on programs about social struggles, & difficulties & would provide advise & guidance through the mediation of experts.

Lanka Radio is not only a channel for the young, but also a channel for all age groups. We will keep all of you entertained no matter what you age is or what your interests are.

Our goal is to give you knowledge and information so that your wisdom will also be growing through listenership

Through DAB (Digital Audio Broadcasting) we will broadcast programs using the internet, so a vast majority of people could listen to our programs including popular songs, social events & many other interesting topics to all.

The songs we broadcast will not only include popular & famous artists, but also of up & coming new artists whose songs we would air globally. This would help them to grow popularity for the new artists as well as their songs.

We are confident that songs brought to you by Lanka Radio using our own website, will keep you entertained with enjoyment & lasting happiness!
Hence continue listening................

Simply more music