John Travolta උන්මාදයේ ඇරැඹුම Saturday Night Fever

 'Robert Stigwood රොබට් ස්ටිග්වුඩ්' ඕස්ට්‍රේලියාවේ ඉපදී, බ්‍රිතාන්‍යයේ නිත්‍ය පදිංචි කරුවෙකු විය. පසු කලෙක ඔහු මහපරිමානයේ සංගීත ව්‍යාපාරිකයෙක් විය. එලෙසම ඔහු සංගීත නාට්‍ය නිෂ්පාදකයෙකි. ලොව විශිෂ්ටතම සංගීත කණ්ඩායම් වූ ඇන්ඩි ගිබ් ගේ 'බීජීස්' (BeeGees), හා 'ක්‍රීම්' (Cream) සංගීත කණ්ඩායම්වල කළමනාකාරිත්වය ඉසිලුවේද රොබට් ස්ටිග්වුඩ්ය. ඒවා ලොව මහාපරිමානයෙන්ම පැවැත් වූ සංගීත කණ්ඩායම්ය. ඔවුන්ගේ ලොව වටා දැවැන්තව පැවැත්වන සංගීත ප්‍රසංගවල නිෂ්පාදන කටයුතු බොහෝ විට සිදුවුනේ ඔහුගෙනි. එලෙසම ලොව අදටත් නිෂ්පාදනය වූ දැවැන්ත ඔපෙරා නාට්‍යයන් වූ 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' '  (Jesus Christ Super Star) හා 'හෙයාර්'('Hair')  නිෂ්පාදනය ක⁣ළේද, රොබට් ස්ටිග්වුඩ් ය. ඔහු නිෂ්පාදනය කෙරූ සංගීත හා ඔපෙරා නාට්‍ය අතරට 'හෙයාර්' හා 'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්' අතරට 'ඕ කල්කටා' 'ද ඩර්ටියස්ට් ශෝ ඉන් ටවුන්' 'සිංග් අ රූඩ් සෝංග්', 'පිපින්' 'ජෝන්-පෝල්-ජෝර්ජ්-රින්ගො-ඇන්ඩ් බර්ට්, ස්විනි ටොඩ් ද ඩෙමන් බාර්බර් ඔෆ් ෆ්ලීට් ස්ට්‍රීට්',සහ 'එවිටා' විය. ('එවිටා' ඇමරිකන් ටෝනි සම්මාන උලෙළේ හොඳම සංගීත ඔපේරාව ලෙස සම්මාන ලැබීය.)

'ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්', 'ටොමි', 'බග්සි මෙලන්', 'ග්‍රීස්','සර්ජන්ට් පෙපර්ස් ලොන්ලි හාර්ට්ස් ක්ලබ් බෑන්ඩ්' 'මෝමන්ට් බයි මෝමන්ට්' 'ටයිම්ස් ස්කුයාර්', 'ද ෆෑන්', 'ගලිපොලි' 'ග්‍රීස් 2', 'ස්ටෙයින් අලයිව්', 'එවිටා' යන සංගීතමය චිත්‍රපට රොබට් ස්ටිග්වුඩ් විසින් නිෂ්පාදනය කළේය.

බ්‍රිතාන්‍ය ජාතික, පුවත් පත් ලේඛක හා සංගීත විවේචක රචක 'නික් කෝන්' විසින් 'ට්‍රිබල් රයිට්ස් ඔෆ් ද නිවි සැටඩේ නයිට්' යනුවෙන් ලිපි පෙලක් 'නිව්යෝක් සඟරාවේ' ලියා පළ කළේය. ඒ 1976 ජූනි 7 වනදා බෙදා හැරුණු සඟරාවේය. ඔහු එම ලිපි පෙළ ලියුවේ නිව්යෝක් සඟරාවේ කර්තෘ වූ 'ක්ලේ ෆෙල්කර්' ගේ ඉල්ලීමකටය. 1970 වර්ෂයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පිබිදුණු 'ඩිස්කො' රාත්‍රි සමාජශාලාවල සිදුවුනු සිදුවීම් අලළාය එම ලිපි පෙළ ලිවීමට සිදුවූයේ.

'සැටර්ඩෙ නයිට් ෆීවර්' නමින් තිර රචක නෝර්මන් වෙක්ස්ලර් , තිර නාටකයක් ලීවේ , නික් කෝන් ලියූ 'ට්‍රිබල් රයිට්ස් ඔෆ් ද නිව් සැටඩේ නයිට්' නම් වූ ඒ ලිපි පෙල ආශ්‍රිතවය. ⁣වෙක්ස්ලර් මින් පෙර 'ජෝ' නමින් තිරනාටකයක් ලියූ අතර, එය ජෝන් ඇවිල්ඩ්සන් ගේ අධ්‍යක්ෂණයෙන් සිනමාවට නැගී, 1970 දී තිරගත විය. ඇල් පැසිනෝ රඟ පෑ 'සර්පිකෝ', චිත්‍රපටයේ තිර නාටකය ලියුවේ ද වෙක්ස්ලර් ය. ඒ දෙකම 'ත්‍රිලර්' ශානරය ට අයත් චිත්‍රපට වූ අතර, නිෂ්පාදක රොබට් ස්ටිග්වුඩ් විසින් එලෙස ත්‍රිලින් ශානරයේ තිරනාටක ලියූ වෙක්ස්ලර් ට, 'සැටර්ඩේ නයිට් ෆීවර්' වැනි සංගීතමය චිත්‍රපටයක තිරනාටකයක් ලිවීමට භාර දුන් හේතුව ගැන පැහැදිලි සටහනක් නොවීය. එලෙසම එය ජෝන් බැඩ්හැම් වැනි අධ්‍යක්ෂක වරයෙකුට භාර දීමද, යමි තාක් දුරට ප්‍රශ්නයක් විය. එයට හේතුව වූයේ ඔහු ඒ වන විට අධ්‍යක්ෂණය කර තිබුණේ එකම චිත්‍රපටයක් පමණි. ඒ ඇමරිකානු ක්‍රිඩා විකට චිත්‍රපටයක් සේ සලකන, 'ද බින්ගො ලෝං ට්‍රැවලින් ඕල් ස්ටාර්ස් ඇන්ඩ් මෝටර් කිංග්ස්' චිත්‍රපටය ය. එය බොක්ස් ඔෆිස් ආදායමි අතින් සාර්ථක වූ චිත්‍රපටයක් වූ අතර 1976 වසරේ තිරගත විය. 'සැටඩේ නයිට් ෆීවර්' ඔහුට ලැබුණේ ඉන් පසුවය.

රොබට් ස්ටිග්වුඩ් , ජොන් බැඩ්හැම් ට 'සැටර්ඩෙ නයිට් ෆීවර්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර දෙන විට කීවේ, ඔහුට ඒ වෙනුවෙන් ආයෝජනය කළ හැකි මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් කියාය. එය අඩු ඇස්තිමේන්තුවකි. බැඩ්හැම්ට සියල්ල කළ යුතුව තිබුණේ එම ඇස්තමේන්තු රාමුව තුළය. එහෙයින් ඔහු මෙහි රඟපෑමට ආධුනීක නළු නිළියන්ව ගැනීමට තීරණය කළේය. නමුත් මෙහී ප්‍රධාන චරිතය වූ ⁣'ටෝනි මැනෙරෝ' ට ඒ වන විටත් ඇමරිකානු සිනමාවේ තරමක හෝ නමක් හදාගෙන සිටි 'ජෝන් ට්‍රා වෝල්ටා' ව ගැනීමට තීරණය කළේය.

1954 පෙබරවාරි 18 වන දින ඇමරිකාවේ නිව් ජර්සි හී ඉපදුණු ජෝන් ට්‍රා වොල්ටා,ගේ වෘත්තිය සටහන් වනුයේ ගායකයකු, නළුවකු හා ගුවන් නියමුවකු ලෙසටය.

ට්‍රාවොල්ටා, මුලින්ම රඟපෑමට එක් වූයේ ඇමරිකානු රූපවාහිනි නාට්‍ය මාලාවකටය. ප්‍රහසන ගණයේ නාට්‍ය මාලාවක් වූ එය 'වෙල්කම් බැක් කොටර්' නමින් විය. 1975 සැප්තැම්බරයේ සිට 1979 මැයි මාසය වන තෙක් එනම් අවුරුදු 4 කට ආසන්න කාලයක් පුරාවටම ඇමරිකානු ඒ.බී.සී. නාලිකාවේ එය ප්‍රචාරය වුණි. ට්‍රාවොල්ටා ඒ තුළින් ඉමහත් ජනප්‍රියත්වයට පත් වී තිබුණි. ට්‍රාවොල්ටා ගේ ප්‍රථම සිනමා රඟපෑම වූයේ රොබට් ෆුවස්ට් අධ්‍යක්ෂණය කෙරූ 1975 වසරේ අගෝස්තුවේ තිරගත කළ 'ද ඩෙවිල්ස් රේන්' චිත්‍රපටය ය. එය හොරර් ගනයේ චිත්‍රපටයක් විය. එහී ප්‍රධාන චරිතය රඟපෑවේ අර්නස්ට් බොගනි නම් වූ විශිෂ්ට නළුවාය. එලෙසම එහී විලියම් ශැට්නර්, ටොම් ස්කෙරිට් වැනි ජනප්‍රිය නළුවන්ද රඟපෑහ. ට්‍රාවොල්ටාටද එහී චරිතයක් ලැබුණි. චරිතය දිගු පරාසයක නොවුණද, එම චරිතයට නමක් තිබුණි. ඩැනී, ඒ නමය. ඩැනි යනු සාතන්වාදි කල්ලියේ එක් සමාජිකයෙකි.

ඉන්පසු ඔහුට ලැබුණු චරිතය ප්‍රධානතම චරිතයක් විය. ඒ රැන්ඩල් ක්ලෙයිසර් අධ්‍යක්ෂණය කළ ' ද බෝයි ඉන් ද ප්ලාස්ටික් බබ්ල්' චිත්‍රපටයයි. ඇත්ත වශයෙන්ම එය ඇමරිකානු රූපවාහිනියට නිර්මාණය කළ ටෙලි චිත්‍රපටයක් විය. එය නිෂ්පාදනය කළේ ඒ වන විට ඇමරිකානු රූපවාහිනිය ට 'චාර්ලිස් ඒන්ජල්ස්', 'ස්ටාර්ස්කි ඇන්ඩ් හච්', රූපවාහිනි මාලා නිශ්පාදනය කෙරූ ආරොන් ස්පෙලිංග්ය.

ස්ටෙෆන් කිංග්ස්ගේ නවකථාවක් පාදක කර ගත් බ්‍රයන් ඩී පල්මා අධ්‍යක්ෂණය කෙරූ 'කැරී' චිත්‍රපටයේ බිලී නොලාන් ගේ චරිතය රඟපෑමට ට්‍රාවොල්ටා ට ලැබුණේ ඉන් පසුවය.

රොබට් ස්ටිග්වුඩ් හා ජෝන් බැඩ්හැම් තම නවතම චිත්‍රපටය වූ 'සැටර්ඩේ නයිට් ෆීවර්' හී ටෝනි මැනෙරෝ ගේ චරිතයට ට්‍රාවොල්ටාට කථා කළේ ඔය අතරේදීය. ඔවුන් ට්‍රවොල්ටාව මෙම චරිතයට සුදුසු යැයි තීරණය කළේ ඔහු අපූරු රඟපෑමක් ඉදිරිපත් කළ 'වෙල් කම් බෑක් කොටර්' ටෙලි මාලාවේ ඇතැම් කොටස් නැරඹූ පසුවය.

ජොන් ට්‍රාවොල්ටාගේ වරිතය අධ්‍යයනය කරන විට කිසිතැනක ඔහු නැටුම් ඉගෙන ගත් බවක් හෝ නැටුම් වලට දක්ෂ බවක් සඳහන් වී නොමැත. ඔහුගේ මුල් අරමුණ වී තිබුණේ ගායකයකු වීමටය.

ඔහු 1974 දී ඔහුගෙ මුල් එක් ගීත තැටිය එළිදැක්වූයේ 'ඩ්‍රීම් ඩ්‍රමින්' කියාය.එලෙසම ඔහු ඔහුගේ ප්‍රථම ගීත ඇල්බමය 'ජොන් ට්‍රා වොල්ටා' නමින්ම එළි දැක්විය. එය 1976 වසරේ ඇමරිකානු පොප් චාට් ලැයිස්තුවෙ 39 ස්ථානයේ රැදී තිබුණි.'කාන්ට් ලෙට් යූ ගෝ', 'ට්‍රාවොල්ටා ෆීවර්', 'ලෙට් හර් ඉන් - ද බෙස්ට් ඔෆ් ජෝන් ට්‍රාවොල්ටා, ' ද කලෙක්ෂන්', හා ඔලිවියා නිව්ටන්ජෝන් සමඟ එක්වී එළි දැක්වූ 'දිස් ක්‍රිස්මස්' ගීත ඇල්බම් ට්‍රාවොල්ටා ගේ ජනප්‍රිය වූ ඒවා විය.

ගායකයකු ලෙස ඔහු තම ඉල්ලක්කය සපුරා ගත්තාට වඩා සිනමා නළුවෙකු ලෙස ඔහුට වෙනම අනන්‍යතාවයක් හැදුණි. ඇත්තෙන්ම ඔහුගේ නියම සිනමා ජීවිතය පටන් ගැනුණේ 'සැටර්ඩේ නයිට් ෆීවර් චිත්‍රපටයෙන් පසුවය. ඔහු නැටුමට අතී දක්ෂයෙක් මෙන්ම, රංගනයටත් අතී දක්ෂයෙක් යනුවෙන් ඔප්පු වූයේ 'සැටර්ඩේ නයිට් ෆීවර්' චිත්‍රපටයෙන් පසුවය. එම වසරේ ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මානයට හොඳම නළුවා ලෙස නිර්දේශ වීම තුළින් එය මනා ලෙස තහවුරු විය. එලෙසම 'සැටර්ඩේ නයිට් ෆීවර්' තුළින් ඔහු ලෝකය තුළ වෙනම සම්ප්‍රාදායක් ගෙන ආවේය. 'ඩිස්කො' උන්මාදය ලොව පුරා පැතිර ගියේ ජොන් ට්‍රා වොල්ටා හරහාය. එහී ආරම්භය වූයේ 'සැටර්ඩෙ නයිට් ෆීවර්' චිත්‍රපටය ය. ඉන්පසු 'ග්‍රීස්' හා 'ස්ටෙයින් අ ලයිව්' චිත්‍රපට , ඔහුගේ, ඩිස්කෝ හා රොක් ඇන්ඩ් රෝල් නැටුම් සම්ප්‍රදාය තව තවත් තිව්ර කළේය. එල්විස් ප්‍රෙස්ලිගෙන් පසු රොක් ඇන්ඩ් රෝල් සම්ප්‍රදාය ශෙකින් ස්ටීවන්ස් අතට ගත්තද, ඔහුට වඩා ජෝන් ට්‍රාවොල්ටා රොක් ඇන්ඩ් රෝල් හා ඩිස්කෝ සම්ශ්‍රණයෙන් තව තවත් ඉදිරියට ගොස් ලොවට අලුත් නැටුම් සම්ප්‍රදායක් බිහි කරා පමණක් නොව, ඔහු එල්විස් ප්‍රෙස්ලිගේ නැටුම් හා ඔහුගේ හැසිරීම්, ඇවිදීම් මෙන්ම එල්විස් හිස පීරන ආකාරය, හා ඔහුගේ ඇඳුම් පැලඳුම් මෝස්තර තුළින් උකහා ගෙන එයට ට්‍රාවොල්ටා මෝස්තරත් එකතු කර, ගෙන 'සැටර්ඩේ නයිට් ෆීවර්' තුළින් නව නැටුම් හා රඟපෑමක් බිහි කෙරූ අතර එය ලොව වටා 70 දශකය අගභාගයේ සිට 90 දශකයේ මුල්භාගය වන තෙක් පැතිර ගියේය. මයිකල් ජැක්සන්ගේ ' බිලි ජීන්' 'බීට් ඉට්' 'ත්‍රිලර්' වැනී ගීත සමගින් ඔහු බ්‍රේක් ඩාන්ස් සම්ප්‍රදාය රැගෙන අලුත් නැටුම් හා ගීත ශෛලයක් හදුන්වා දීමත් සමඟ ජෝන් ට්‍රා වොල්ටා නැටුම් හා ගීත අංශවලින් ටිකෙන් ටික පහළට වැටුණද ඔහු පසුව ලොව දක්ෂතම නළුවක් වූ අතර, ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට දැවන්ත සිනමා ව්‍යාපෘති විය. පසු කලෙක ඔහු ප්‍රධාන චරිත රඟපෑ 'උර්බාන් කව්බෝයි', 'ෆේස් ඕෆ්', 'ෆ්‍රොම් පැරිස් විත් ලව්', 'පැරඩයිස් සිටී', 'බ්‍රෝකන් ඇරෝ', 'ජෙනරල්ස් ඩෝටර්', 'පල්ප් ෆික්ෂන්', වැනි චිත්‍රපට තුළින් ඔහු ලෝක සිනමාව තුළ දැවැන්ත ප්‍රතිරූපයකට හිමි කම් කීය. ට්‍රාවොල්ටා 1975 ඇරඹූ චිත්‍රපටය රංගනය 2023 වන විට චිත්‍රපට 68ක් පමණ රඟපා තිබුණි. එයින් බොහෝ ඒවා දැවැන්ත චරිත විය.

ඉදිරියටත් ඔහු එවැනි දැවැන්ත චරිත කීපයකින්ම පැමිණෙන අතර, තවත් අවුරුදු කීපයක්ම ලෝක සිනමාව තුළ දැවැන්තව රැදී සිටිනු ඇත. ඒ සියල්ලම ඔහුට ලැබුණේ 'සැටර්ඩේ නයිට් ෆීවර්' චිත්‍රපටයේ රඟපෑමෙන් පසුවය.

'සැටර්ඩේ නයිට් ෆීවර්' සංගීතමය ශානරයට අසු නොවුණේ එහී ප්‍රබල කථාවක් තිබූ නිසාය. මෙහී ගීත 17 ක් තිබුණද, ඒවා සියල්ලම කථා ශාරය අනුචිතව ඇතුල් කර තිබුණි. මෙය හැඳීන්වූයේ 'නැටුම් චිත්‍රපටයක්' ලෙස වූවද, මෙය ඇකඩමි සමිමාන උළෙලේදී සලකා බැලුවේ ' මෙලෝ ඩ්‍රාමා' යට⁣තේය.

මෙලෝ ඩ්‍රාමා යනු සංගීතය, ගීතය, නැටුම් සමඟින් කිසියමි සංවෙිදී වූ කථාවක් සමග කරන ඉදිරිපත් කිරීමකි.

මෙහී තිබූ ගීත 17 ම එකලෙස ජනප්‍රිය විය. මෙම චිත්‍රපටය තිරගත කර 46 වසරක් ගෙවුනද, අදටත් මෙම ගීත එලෙසම ජනප්‍රිය ය. තව දශක ගණනාවක් ඉදිරියට ගියද, එහී ජනප්‍රියත්වය වැඩිවෙනවා මිස කිසිදි⁣නෙක අඩු වන්නේ නැත. මෙහී බොහෝ ගීත නිර්මාණය කළේ ලොව ප්‍රකටම සංගීත කණ්ඩායමක් වන 'බීජීස්' ය. ඔවුන් මෙම ගීත නිර්මාණ කර ගැයුවේ දශක ගණනාවකට නැවුම් වෙමින් පරපුරෙන් පරපුරට යන ලෙසටය.

'බීජීස්' විසින් ගැයූ ගීත මෙසේය. 'ස්ටෙයින් අලයිව්' (Stayin Alive), 'හව් ඩීප් ඉස් යූවර් ලව්' ('How deep is your love), 'නයිට් ෆීවර්' ('Night Fever'),'මෝ දෑන් අ වුමන්' ( More than a woman), 'ජයිව් ටෝකිං'('Jive Talking'),  'යූ ෂුඩ් බී ඩාන්සිං' -('You should be dancing'), 

ඉහත ගීත සියල්ලම ලොව පුරා එක රැයකින් ජනප්‍රිය වූ අතර, ලොව සංගීත කලාවට අලුතින්ම ගීත ශෛලයක් ඒ තුළින් එකතු වුණි.

ඉවෝන් එලිමන් ගැයූ 'ඉෆ් අයි කාන්ට් හැව් යූ',('If I cant have you'),  ඩේවිඩ් ශියර් ගැයූ 'මෑන් හැටන් ස්කයි ලයින්', (' Manhattn Skyline), 'නයිට් ඔන් ඩිස්කො මවුන්ටන්'(' Night on disco mountain), සහ 'සල්සේෂන්' -'Salsation') , කූල් ඇන්ඩ් ද ගැන්ග් ගායක කණ්ඩායම ගැයූ ' ඕපන් සී සේම්' ('Open Sesame'), , කේ.සී. ඇන්ඩ් ද සන්ශයින් බෑන්ඩ්' ගායනා කළ 'බූගි ෂූස්',,('Boogie Shose'), MFSB ගැයූ 'කේ-ජී' (K-Jee), 'ද ට්‍රැම්ප්ස්',ගායක කණ්ඩායම ගැයූ 'ඩිස්කො ඉන්ෆර්නෝ', ('Disco Inferno'), රැල්ප් මැක්ඩොනල්ඩ් ගැයූ, 'කැලිප්සෝ බ්‍රේක් ඩවුන්'  ( 'Calipso Breakdown'), 'බී ජීස් ගැයුවාට අමතරව 'ට්‍රැවර්ස්', ගැයූ ' මෝ දෑන් අ වූමන්' ('ර්ධපඥ බඩචද ච ඹධථචද) ගීතය (අඥනඥචබ) අනෙක් ගී 10 ය වූ අතර වෝල්ටර් මර්පි විසින් 'ෆිෆ්ත් ඔෆ් බිතොවන්' ('Fifth of Beethovan')  සංගීත ඛාණ්ඩය වාදනය කළේය.

'සැටර්ඩේ නයිට් ෆීවර්' චිත්‍රපටය ඇරඹෙන්නේ 'ටෝනි මනේරෝ' නම් තරුණයෙක් පාරේ එක්තරා රිද්මයකට ඇවිදගෙන එන දර්ශනයකි. අප මුලින්ම දකින්නේ ඔහුගේ පාවහන් යුවළ පමණී. ⁣පසුබිමින් 'බී ජීස්' ගායක කණ්ඩායම ගයන 'ස්ටෙයින් අලයිව්' ගීතය වාදනය වේ. ටෝනී මනේරෝ එම ගීතය අනුව පාද තබයි.

ටෝනි මනේරෝ යනු ඉතාලි ඇමරිකානු සමිශ්‍ර ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෙසෙන 19 හැවිරිදි තරුණයෙකි. ඔහු ඔහුගේ දෙමාපියන්, ආච්චි හා ඔහුගේ බාල නැගණිය සමඟ ජීවත් වේ. ඔහු රැකියාවක් සඳහා කරනුයේ කුඩා තීන්ත විකුණන කඩයක විකුණුම් නිලධාරියෙකු ලෙසය. ටෝනි නිතරම යන තැනකි '2001 ඔඩෙසි' නමි වූ රාත්‍රි සමාජ ශාලාව. ඉඩක් ලද සැණින්ම ඔහු එහී නැටුම් සඳහා වෙන් කර ඇති පොළවෙ, නටයි. එම රාත්‍රි සමාජශාලාවට එන බොහෝ දෙනා ටෝනිගේ මේ අලුත් ඩිස්කො නැටුමට ඉතාමත් ආකර්ෂණය වේ. ඔවුන් ඔහුව හැඳීන්වූයේ 'කිංග් ඔෆ් ඩාන්සිං' යන අන්වර්ථ නමිනි.

ටෝනිට තම නිවස අසල යාළුවන් 4 දෙනෙක් සිටිති. ඔවුන් නම් ජෝ, ඩබල් ජේ, ගස් සහ බොබි සී ය. එලෙසම ඔවුනගේ කණ්ඩායමට ඇනෙටා නමින් ගැහැනු ළමයෙකුත් එකතු වී තිබුණි. ඇය ටෝනිට නිතරම ආදර හැඟීම් ඇතිවෙන ලෙස හැසිරුණද, ටෝනිට ඇය ගැන කිසිසේත් ආදර හැඟීම් පහළ වෙන්නේ නැත.ඔහු ඇයට සැලකුවේ යෙහෙළියක් ලෙස පමණී.

ටෝනි සහ ඔහුගේ යහළුවන් නිතර ගැවසෙන තැනක් වූයේ' වෙරාසන්නෝ පාලම ළඟය. එය තිබුණේ නිව්යෝක් නගරයේ වරායට යාබදවය. ඔවුන් සියල්ලෝම බොහෝ සවස් වරුවල , රාත්‍රිය වන තෙක් ගත කරනුයේ මේ පාලම ළඟය. 'වෙරාසන්නෝ' පාලම ඔවුනගේ ජීවිත වෙනස් කෙරූ තැනක්ද විය. පාලම ළඟදී ,හමුවන මේ පිරිමි යහළුවන් අතරට එකතුවන එකම ගැහැනු චරිතය ඇනෙටා ය.

ටෝනි, ඇනෙටාව ළඟදී පැවැත්වෙන නැටුම් තරඟයට තමාගේ නැටුම් සහකාරිය ලෙස තෝරා ගත් බව ඇයට කී විට ඇය අපමණ සතුටට පත් විය. එහෙත් ඒ සතුට ඇය වෙත රැදුණේ ඉතාමත් සුළු කාලයකි. ඒ, ටෝනිට රාත්‍රි සමාජ ශාලාවේදී, ස්ටෙෆනි මැන්ගානෝ යන තරුණියව මුණ ගැසෙන තෙක් පමණි. ස්ටෙෆනි වෘත්තිමය නැටුම් ශිල්පිනියක් විය. ඇනෙටාට ඇය කිට්ටුවටවත් පැමිණෙන්නට නොහැකිය. ටෝනි ස්ටෙෆනිගේ සේවය මුදල් ගෙවා ගැනීමට සැරසුණද, ඇය එය ප්‍රතික්ෂේප කර, ටෝනිට කීවේ, මෙම නැටුම් තරඟයට ඇය ඔහුගේ නැටුම් සහකාරිය ලෙස එකතු වෙන්නට කැමති බවත්, එයට කිසිදු ගෙවීමක් අනවශ්‍ය බවත් ,එහෙත් මෙම සම්බන්ධය වෘත්තිමය ලෙස පමණක් පැවැත්විය යුතු බවකි.

ටෝනි හා ඔහුගේ යහළුවන්ගේ ජීවිත තරමක් අයාලේ යන බවක් පෙනුණද, ටෝනිට ජිවිතයේ ලොකු අරමුණක් තිබුණි. ඒ කෙසේ හෝ හොඳ නැටුම් ශිල්පියෙක් වීමටය.

ටෝනිගේ වැඩිමහල් සොහොයුරු ප්‍රෑන්ක් රෝමන් කතෝලික දේවගැතිවරයකු විය. එහෙත් ඔහු තම දෙමාපියන්ට දැන්වූයේ තමා මෙම පුජකවරයෙන් ඉවත් වී නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරන බවකි. එයට ඔවුන්ගේ දෙමාපියන් හා ආච්චි අතීශයින්ම කණගාටු විය. ෆ්‍රෑන්ක්, ටෝනිට කීවේ ඔහු දේවගැතිවරයෙක් වූයේ තම කැමැත්තෙන් නොවන බවකි. තම දෙමාපියන් සතුටු කිරීමට එසේ වූ බවත්, තව දුරටත් හිතට විරුද්ධව මෙම පුජකවරයේ සිටීමට නොහැකි බවත්, එහෙයින් ඔහු එයින් සමු ගන්නා බවත්ය. ඔහු ටෝනිටද කීවේ ඔහුගේ අරමුණ හොඳ නැටුම් ශිල්පියෙක් වීමට නම්, ඒ අරමුණ ඉටු කර ගැන්මට කැප වන ලෙසටය.

'සැටර්ඩේ නයිට් ෆීවර්' චිත්‍රපටය තුළ ගලා ගෙන යන කථාන්තරයක් නොවීය. සිදුවීම් කීපයක සම්පින්ඩනයක් හැරෙන්නට එහී සුවිශේෂත තැනක් දී තිබුණේ නැටුම්වලටය. ඇත්තෙන්ම මෙහී අන්තර්ගත වූ තේමාව නැටුම්ය. 70 දශකයේ මැද භාගයේදී ඇමරිකාව පුරා පැතිරුණු නිදහස් ආරේ නැටුම් සම්ප්‍රදාය ය. චිත්‍රපටය පුරාවට පැතිරී ගියේ මේ නැටුම් සම්ප්‍රදායය. පසුව එය 'ඩිස්කෝ' යන නමින් හැඳීන්වූවද, 'සැටර්ඩේ නයිට් ෆීවර්' හී තිබුණු නිදහස් ආරේ නැටුම්වලට ඉංග්‍රිසි බැලේ නැටුමද එක් කර ගෙන තිබුණි. මෙහී තවත් වි⁣ශේෂත්වයක් වූයේ ඩිස්කෝ සමාජ ශාලාවෙ වෛර්ණ ඇඳුම් ඇඳගෙන නටන ටෝනී, එයින් පිට ගෙන යන ජීවිත අරගලය ය. එය අර වෛර්ණ වූ සර්වපිත්තල ලෝකයට වඩා හාත් පසින් වෙනස් වූ කටුක ජීවිතයක් විය.

දිනක් ටෝනිගේ යහළු කණ්ඩායමේ සිටි 'ගස්', සිල්ලර කඩයේ සිට නිවස බලා එන විට, ඔහුට කිසියම් මැර කණ්ඩායමක් වට කරගෙන ගසන්නට විය. එයින් තුවලෙ වූ 'ගස්' ව රෝහලට ඇතුළත් කළේය. තවත් පැත්තකින් බොබි සී, නිසා ඔහුගේ කතෝලික දහමට දැඩිව ලැදී පෙම්වතිය වූ පෝලින් ගැබ් ගත්තාය. බොබි සී ටෝනිගේ සොහොයුරු දේවගැති ෆ්‍රැන්ක් ගෙන් ඇසුවේ පාප්වහන්සේ ගබ්සා කිරීමට ඉඩ දේවිද කියාය. එහෙත් ෆ්‍රැන්ක් කීවේ පාප්වහන්සේ ගබ්සාවට දැඩි විරුද්ධ බවකි.

ටෝනි සහ ස්ටෙෆ්නි නැටුම් තරඟයට ඉදිරිපත් වී නටන අතරේම ඔවුන් දිගු හාදුවක් හුවමාරු කර ගතී. නැටුම් තරඟය අවසානයේදී ටෝනි හා ස්ටෙෆනි ප්‍රථම ස්ථානයට පැමිණ කිරුළ හිමි කර ගත්තද, ටෝනි කීවේ ඔවුන් දෙදෙනාට වඩා දෙවැනි තැන ගත් යුවළ ඉතාමත් හොඳට නැටූ බවකි. එහෙයින්, ටෝනි හා ස්ටෙෆනි ඔවුනට ලැබුණු කිරුළ හා ත්‍යාගයන් දෙවැනි තැනට පත්වූ යුවළ අතට පත් කර, කිරුළ අයිති විය යුත්තේ ඔවුන් දෙදෙනාට බව කීහ. ඒවා ඔවුනට දුන් පසු ටෝනි, ස්ටෙෆනි සමඟ පාලම ළඟට පැමිණිය. ඒ වන විට හොඳටම අඳුර වැටී තිබුණි. ඔවුන් බොබි සී ගේ කාර් රථයට ඇතුල් විය. එහී සිටියේ ඔවුන් දෙදෙනා පමණකි. එවෙලේ ස්ටෙෆනි ටෝනිට කීවේ ඇය ඔහුගේ නැටුම් නිසා ඒ තමන්ගේ වාසියට හරවා ගත් බවත්, ඔහුව ඒ වෙනුවෙන් පාවිච්චි කළ බවකි. ඔහු මුලින් සිතුවේ ස්ටෙෆනි ඔහුට ආදරය කරනු ඇති බවය. නමුත් මෙම කථාවෙන් පසු ඔහු තමාව ඇයගේ වාසියට හරවා ගත් බව දැන ගතී. ටෝනි ස්ටෙෆනි ව රථය ඇතුළත දූෂණය කරන්නට සැරසු⁣ණේ ඉන්පසුවය. එහෙත් ඇය ඔහුගෙන් කෙසේ හෝ බේරී පැන දිව්වාය.

ටෝනිගේ අනිත් යහළුවා වූ ජෝ, ඇනෙටා සමඟ කාර් රථයට පැමිණියේ ඉන්පසුවය. ඔවුන් දෙදෙනා කාර් රථයේ පිටුපස අසුනේ සිට ලිංගීකව හැසිරුණි. එය නිමවී ජෝ එතැනින් ඉවත ගිය සැනින් ඩබල් ජේ පැමිණ ඇනෙටාව දුෂණය කරන්නට උත්සහා ගන්නා විට ඇය කෑ ගසන ශබ්දය, ඉවතට ගිය ජෝට ඇසෙන්නට විය. ඒ අතරේදී මේ සියල්ලම ඉදිරි අසුනේ සිටි ටෝනිට ඇසී ඔහුව අපහසු තාවයට පත් විය.ඒ සමඟ බොබි සී කාරයට පැමිණ එය වෙරාසන්නෝ පාලම අසලට එලවා ගියේය. ඔහු දැඩි සිත් තැවුලෙන් සිටියේ ඔහු නිසා ඔහුගේ පෙම්වතිය ගැබ්ගෙන සිටි නිසාය. ඔහු ඒ සිත් තැවුලෙන්, ඒ ගැන කියවමින් කාරයේ දොර හැර එළියට පැමිණ පාලමේ පැති කණුවක බඩගාන්නට විය. ටෝනි ඔහුට පැමිණෙන්නට කියා කොතෙක් ආයාචනා කළද, ඔහු තව තවත් බඩ ගාන්නට ගොස් ලිස්සා පහළ දිය පහරට වැටි, මිය ගියේය.

සිදුවූ සියලු දේවල් ගැන අන්තයටම කල කිරුණු ටෝනි ඔහුගේ සියලු යහළුවන් අතහැර දමා මැන්හැටන් දක්වා තමාගේ බයිසිකලය පැද්දේය. අවසානයේදී ඔහු නැවතුණේ ස්ටෙෆනි ගේ නිවසේය. ඔහු ඇයගෙන් තමා කළ වරදට සමාව ඉල්ලීය. ස්ටෙෆනි ද කීවේ, ඇයද ඔහුව තමාගේ වාසියට හරවා ගැනීමෙන් වරදක් කළ බවත් ඇයද ඔහුගෙන් සමාව ඉල්ලීය අවසානයේදී ඔවුන් දෙදෙනා එකතු වුණද, ඔවුන්ගේ ඒ එකතු වීම, ඔවුනොවුන්ගේ නැටූම් සහකරු, සහකාරිය වීමත්, හොඳ යහළුවන් වීමටත් පමණක් විය. ඔවුන්ගේ ඇසුරට ඔවුන් ඒ අයුරින් සීමා පනවා ගතී.

'සැටර්ඩේ නයිට් ෆීවර්' චිත්‍රපටය තුළින් කියවුණේ මෙවැනි කථාවකි. බොහෝ විට එකල එනම් 70 දශකයේ මැද භාගයේ ඇමරිකාවේ පහළ මධ්‍යයම පාන්තික තරුණ තරුණියන්ගේ අයාලේ යන ජීවිත හා ඔවුන් සංගීතය හා නැටුම් වලට බද්ධ වී ගත කරන ජීවිතවල පිට හා ඇතුල් පැත්ත ගැන යථාර්ථවාදී විමසුමක් මේ තුළින් සොයා බැලුවා කීම නම් වඩාත් නිවැරදි ය.

ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් යොදා අඩු ඇස්තමේන්තුවකින් හැදුණු 'සැටර්ඩේ නයිට් ෆීවර්' චිත්‍රපටය, මුල් වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 237.1 කක වාර්තා ගත ආදායමක් ඉපැයීය. මෙය 1977 වසරේ තිරගත වූ වඩාත්ම සාර්ථක චිත්‍රපටයක් වූවා සේම, එම වස⁣රේ වැඩිම ආදායමක් ලද චිත්‍රපට ලැයිස්තුවේ මුල් පෙළේ තිබූ චිත්‍රපටයක් විය. මෙම සාර්ථකත්වය නිසාම ඇමරිකානු විශිෂ්ට නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් 1983 දී එහී දෙවැනි කොටස වූ 'ස්ටෙයින් අලයිව්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, ඒවන විට 'රැම්බෝ' හා 'රොකි' චිත්‍රපට මාලාවෙ රඟපා මුළු ලොවම තම අකාර්ෂණය ට ඇද ගත්තද, ඔහු මෙම චිත්‍රපටයේ කිසිදු චරිතයක් රඟ නොපා, 'ජොන් ට්‍රා වොල්ටාවම ටෝනි මනේරෝ ගේ චරිතයට රැගෙන අධ්‍යක්ෂණය කර, එම චිත්‍රපටයද සාර්ථක කර ගත්තේය.

' Whether you're a brother or
whether you're a mother
you are staying alive,
staying alive
feel the city breakin' and
everybody shakin
and we are stayin' alive,
stayin' alive
ah ha ha ha stayin' alive,
stayin' alive
ah ha ha ha stayin' alive
oh, when you walk.'
- Bee Gees-



 

 

 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4