1994 වසරේ මිස් යුනිවර්ස් කිරුළු පැලඳි Susmita Sen බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1996

 

 1994 වසරේ Miss-Universe  කිරුළු පැලඳි Susmita Sen 

1994 වසරේ මිස් යුනිවර්ස් කිරුළු පැලඳි සුෂ්මිතා සෙන් බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1996 වසරේ මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ දස්තක් චිත‍්‍රපටයෙනි. ඇයගේ පෞරුෂය, නිහතමානී බව, ධනාත්මක චරිත ස්වභාවය බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නට සමත් විශේෂ හේතුන්. ඇය මේ වන විට 22 හැවිරිදි සහ 12 හැවිරිදි වියේ පසුවන හදාගන්නා දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇය සිය දරුවන් හදාවඩා ගන්නා අයුරු ද බොහෝ දෙනෙකුගේ ආදරයට ගෞරවයට පාත‍්‍ර වී ඇත. හින්දි සිනමා නිර්මාණ රැසක්ට සිය රංගනය මුසු කළ ඇයගේ රංගනයක් 2010 වසරේ නෝ ප්‍රොබ්ලම් චිත‍්‍රපටයෙන් පසුව දැකගන්නට ලැබුණේ 2015 වසරේ තිරගත කෙරුණු බෙංගාලි චිත‍්‍රපටයක් වූ නිර්බාක් සමඟින්.

සුෂ්මිතා පවසන්නේ දෙවියන් වහන්සේ තමා විවාහයෙන් බේරාගත් බවත් තම ජීවිතයේ විවාහයක් සිදු නොවීමට දරුවන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. මෑතකදී සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ඇය තුන් වරක් විවාහ වීමට සූදානම් වූ ආකාරය ගැන ප‍්‍රකාශ කළාය. නමුත් ඒ කිසිදු විවාහයක් සිදු වූයේ නැත. ඒ කෙසේ වෙතත් තම ආදර සබඳතා බිඳ වැටීමට තම දියණියන් දෙදෙනා වන රෙනී සෙන් සහ අලිසා සෙන් හේතු නොවන බව ඇය පැහැදිලි කළාය. ඒ අවස්ථා තුනේදීම දෙවියන් වහන්සේ තමා බේරාගත් බව සුෂ්මිතා උපහාසාත්මකව පැවසුවාය.

”‍කිසිවෙකු පැමිණ මගේ වගකීම බෙදා ගන්න වුවමනා නැහැ. නමුත් වාසනාවකට මට මගේ ජීවිතයේ ඉතා හොඳ පිරිමින් කිහිප දෙනකු මුණගැසුණා. මම විවාහ නොවී සිටීමට එකම හේතුව ඔවුන් මා සමඟ විවාහ වීමට තීරණය නොකිරීමයි. එයට මගේ දරුවන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔවුන් ඉතා කරුණාවන්තයි. මගේ ජීවිතයට පැමිණි පිරිමින් විවෘතව පිළිගෙන ඔවුන් සෑම අයෙකුටම එක හා සමානව ආදරය හා ගෞරවය ලබා දුන්නා. මට මගේ දරුවන් ගැන ආඩම්බරයි සුෂ්මිතා පැවසුවාය.

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4