නුදුරේදීම බොලිවුඩයට පිවිසීමට සූදානමින් Samantha Ruth Prabhu

 බොලිවුඞ් නළු නිළියන් දකුණු ඉන්දීය සිනමා නිර්මාණවලට දායක වන්නා සේම දකුණු ඉන්දීය සිනමාවේ නළු නිළියන්ද බොලිවුඩයේ ඉහළ ජනප‍්‍රියත්වයක් දිනා ගැනීමට සමත් වී සිටී. මේ අයුරින් දකුණු ඉන්දීය සිනමාවේ ජනප‍්‍රිය නිළි සමන්තා රූත් ප‍්‍රභූ නුදුරේදීම බොලිවුඩයට පිවිසීමට සූදානමින් සිටී.

පසුගිය කාලයේ ඇය ‘ද ෆැමිලි මෑන් 2‘ ටෙලි කතා මාලාවේ රංගනයෙන් කාගේත් සිත් දිනා ගැනීමට සමත් වූවාය. ‘පුෂ්පා : ද රයිස්‘ චිත‍්‍රපටයේ ‘ ඕ අන්ටාවා‘ ගීතයට ඇය එක් කළ විචිත‍්‍රවත් රංගනයටද අන්තර්ජාලයේ ඉහළ ජනප‍්‍රියත්වයක් හිමි විය. මේ අතර නවතම බොලිවුඞ් පුවත් ගෙන එන්නේ සමන්තා, ආයුෂ්මාන් කුරානා සමඟින් සිය මංගල බොලිවුඞ් චිත‍්‍රපටයට අත්සන් තබා ඇති බවයි. මේ වන විට එම චිත‍්‍රපටයේ රූගත කිරීම් කාලසටහන වෙනුවෙන් දින සකස් කරමින් පවතින බවත් වාර්තා වේ.

 මෙම චිත‍්‍රපටයේ වැඩකටයුතු මේ වසර අවසන් වන විට අවසන් කෙරෙනු ඇති අතර එය 2023 අගභාගයේදී නිකුත් කිරීමට නියමිත බවත් එම පුවත් අතර වේ. පළමු චිත‍්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කිරීමටත් පෙර සමන්තා සිය දෙවැනි හින්දි චිත‍්‍රපටයටද අත්සන් තබා ඇති බව වාර්තා වේ. එයද 2023 දී තිරගත වීමට නියමිත මනඃකල්පිත වීර කාව්‍යයක් බව පැවසේ.

”‍මම දකුණු ඉන්දීය සිනමාවේ මට හිමි ස්ථානය සොයා ගනිමින් සිටි අතර මගේ රංගන කටයුතු පිළිබඳ විශ්වාසයක් ඇති වූයේ පසුගිය වසර දෙක තුළ පමණි. තවමත් මම නිවැරදි තේරීම් ගැන සොයමිනුයි සිටින්නේ”‍. බොලිවුඩයට පැමිණීමට ප‍්‍රමාද වීම ගැන සමන්තා මීට පෙර පවසා තිබුණේ මෙවැනි අදහසකි

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4