1970 Love Story  ගීත එළිදැක්වීම

 අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය 1970 Love Story. එහි ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා චිත්‍රපටයට දායක වූ නළු නිළියන් ඇතුළු ආරාධිත අමුත්තන් හා මාධ්‍යවේහු රැසක් ද සහභාගී වූහ. 

මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, චූලක්ෂි රණතුංග, අශාන් ඩයස්, ගම්‍යා විජේදාස, සඳනි ප්‍රනාන්දු, දිනෙත් ද සිල්වා රංගනයෙන් එක්වෙති. ගී පද රචනා පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ශෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍රගේ වන අතර, සූර්යා දයාරුවන්, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් (රූනී) සහ සුරේන්ද්‍ර පෙරේරා ගායනයෙන් එක්වන අතර, ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක්වෙති. 1970 Love Story නිෂ්පාදනය ආචාර්ය සමන් එදිරිසිංහ ගෙනි.

 

 

 

 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4