
මෙරට මුද්‍රා නාට්‍යයක් සිනමාවට නැඟෙන පළමු අවස්ථාව
ප්‍රවීණ නර්තනවේදි චන්දන වික්‍රමසිංහ
අපි කරන්න යන්නේ අලුත් වැඩක්
රාම-සීතා කතාව එක රටකට විතරක් පොදු අත්දැකීමක් නොවෙයි
මින්දද දූමේ යහනේ මන්දෝදරියේ
පෙම්බර රාවණ තුරුලේ රස ගුල්මේ
කන්පිත නු පුර රැවි මිණ මෙවුලේ
සංහ තුඩෙන් තැවරේ රාවණ දෙවරේ
මින්දද දූමේ යහනේ මන්දෝදරියේ
පෙම්බර රාවණ තුරුලේ රස ගුල්මේ
මධු සඳ පානේ මුවරද ඉතිරේ
රන් රස ලවනේ මුව රද නොසිදේ
ඇසිපියවෙදො මන්දෝදරියේ
සිය රද රාවණගේ උර මඬලේ
මින්දද දූමේ යහනේ මන්ඩෝදරියේ
පෙම්බර රාවණ තුරුලේ රස ගුල්මේ
කන්පිත නූපුර රැවි මිණි මෙවුලේ
හංසතුඩෙන් තැවරේ රාවණ දෙවරේ::
රාම-සීතා ප්‍රේම වෘත්තාන්තය විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. කොතෙක් ඇසුවද, කොතෙක් දැක්කද එහි රස භාවයන් මේ යැයි කියන්නට හෝ විඳීන්නට හෝ එහි ඇතිවිමක් අපට සොයාගත නොහැකිය. මේ ප්‍රේමාදරය කෙතෙක් ඇසුවද කොතෙක් වින්දද එහි අවසානයක් දැකිය නොහැකි වන්නේ ලොව පවතින තුරාම මේ ප්‍රේමයටද සීමාවක් නොවන නිසාය. පසුගිය කාලයක් පුරා අපි රාම-සීතා ප්‍රේම වෘත්තාන්තය මුද්‍රා නාට්‍යයක් ලෙස අත්වින්දෙමු. ඒ ප්‍රවිණ නර්තනවේදි චන්දන වික්‍රමසිංහයන්ගේ නිර්මාණයක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශිය රටවලද විවිධ අවස්ථාවන්හිදි රංග ගත කරන්නට යෙදුණු ‘ඉබධපර ධට ඵඥඥබඩච’ මුද්‍රා නාටකය එකල බොහෝ දෙනකුගේ හදබැද ගත්හ.
චන්දන මේ මුද්‍රා නාටකය නිර්මාණය කරන ලද්දේ වාල්මිකිගේ රාමායණය ඇසුරෙනි. මෙය ලංකාවේ නගරවල මෙන්ම ඉන්දියාවේ නවදිල්ලිය, ලක්නව් සහ අයෝධ්‍යා යන නගරවල පසුගිය වසරවල වේදිකා ගත වුණි.
වර්තමානයේ මෙම මුද්‍රා නාටකය ඇසුරු කර ගනිමින් තවත් සුවිශේෂි නිර්මාණ කාර්යයකට එහු අත ගසා ඇත. ඒ මෙම නාටකය නව නිර්මාණයක් ලෙසින් සිනමාවට රැගෙන ඒමය. එම අභිලාසයෙන් යුතුව එහි පළමු ගීතය එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණ.
‘ඇත්තටම අපි මේ කරන්න යන්නේ අලුත් වැඩක්. මීට කලින් අපි නිර්මාණය කරපු ඵබධපර ධට ඵඥඥබඩච‘ මුද්‍රා නාටකය දැන් අපි සූදානම් වෙන්නේ සිනමාවට රැගෙන එන්න. මුද්‍රා නාටකයක් වශයෙන් අපි මේ සඳහා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්තා. ලංකාවේ විතරක් නොවෙයි. විදේශ වලත් මේක පෙන්වලා. ඇත්තටම රාම-සීතා කතාව කියන්නේ එක රටකට විතරක් පොදු අත්දැකීමක් නොවෙයි. මේක මුළු ලෝකෙ පුරාම ප්‍රචලිත කතාන්දරයක්. ඉතින් මේ ඇසුරින් කරන නිර්මාණයක් අපිට ලෝකේ පුරාම අරන් යන්න පුළුවන්. මට හිතෙන්නේ මුද්‍රා නාටකයක් සිනමාවට පෙරළෙන පළමුවැනි අවස්ථාවත් මේක වෙන්නැති. අපි ජුනි මාසේ 13 වැනිදා මේ සිනමා පටයේ පළමු ගීතය අන්තර්ජාලයට එකතු කළා.”
වර්තමානයේ සිනමා පටයක් නිර්මාණය කරනවා යනු ලේසි පහසු කාර්යයක් නොවේ. එහෙත් ‘ස්ටෝරි ඔෆ් සීතා’ නිර්මාණය වන්නේ සම්පූර්ණයෙන්ම චන්දන වික්‍රමසිංහයන්ගේ අධීක්ෂණය යටතේය. මෙම චිත්‍රපටයේ රඟපානුයේ බහුතරයක් චන්දන වික්‍රමසිංහ නර්තනායතනයේ නර්තන ශිල්පින් ශිල්පිනියන්ය. වේදිකාවක් මත එළි දුටු මුද්‍රා නාටකයක් විවිධ දර්ශන තලවලදී සිනමාවට නැඟෙන බව මෙහිදි අපට දැන ගන්නට ලැබිණ.
“මේ චිත්‍රපටය පුරා සංගීතය සහ නර්තනය තමයි වැඩිපුර තියෙන්නේ. දෙබස් නෑ. මේක බැලේ ස්ටයිල් චිත්‍රපටයක්. ඔක්කොම මුද්‍රා ශෛලියෙන් තමයි යන්නේ. අනිත් එක අපි මේ චිත්‍රපටය සාමාන්‍ය චිත්‍රපටයක් රූගත කරන ආකාරයෙන් දර්ශන තලවල තමයි රූ ගත කරන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ CWDG company (Chandana Wickramasinghe Dancing Academy) විසින්. ප්‍රධාන චරිත හතරයි තිබෙන්නේ. රාවණ, මන්දෝදරී, රාම සහ සීතා තමයි ඒ චරිත හතර. සෙසු චරිත රැසක් තියෙනවා.”
Story of seetha සිනමා පටය අලංකාර ගීතවලින් යුක්තය. මෙහි ප්‍රධාන ගීත ත්‍රිත්වය ගායනා කරන ලද්දේ ආචාර්ය නන්දා මාලිනී, ශාස්ත්‍රපති තිලිණි යාදෙවි සහ ආචාර්ය හසිත අතපත්තුය. මෙම චිත්‍රපටයේ සම්පූර්ණ සංගීත අධ්‍යක්ෂණය ශාස්ත්‍රපති පේෂල මනෝජ් විසින්ය. චිත්‍රපටය සඳහා සියලු ගීත රචනා කර ඇත්තේ රත්නශ්‍රී විජේසිංහයන් විසිනි.
ඇඳුම් නිර්මාණය කර ඇත්තේ හිරාන් විජේසේකර සමඟ කසුන් ෆොන්සේකාය. අංග රචනය තාරුක ජයරත්න. මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කිරීම සන්දේශ් බණ්ඩාර විසිනි. කැමරා අධ්‍යක්ෂණය දිනුක චමෝද් ගෙනි. නිර්මාණ අධ්‍යක්ෂණය සහ නර්තන නිර්මාණය චන්දන වික්‍රමසිංහ විසිනි.
චන්දන වික්‍රමසිංහ ගේම අදහසකට අනුව නිර්මාණය වන මෙම චිත්‍රපටයෙන් ඔහුගේ ආදරණීය දියණිය දෙවංගි වික්‍රමසිංහ සීතා ගේ චරිතය නිරුපණය කරමින් සිනමාවට අවතීර්ණ වීම මෙහි සිදුවන අනෙක් සුවිශේෂී කාරණාවය.
ඇත්තටම අපි නිර්මාණයක් කරන කොට ඒක දිගු කාලයක් පවතින නිර්මාණයක් වෙන්න ඕන. ඒ වගේම ලංකාවේ පමණක් නොව අපිට අන්තර්ජාතික තලයට යන්න පුළුවන් නිර්මාණයක් වෙන්න ඕන. මීට කලින් මුද්‍රා නාට්‍ය කරලා මට අත්දැකිම් රාශියක් තිබෙනවා. මම මයුර සන්දේශය කළා. ඊළඟට මම ‘පෙරළිය’ කළා. ඒක කළේ ඇත්තටම 56 පෙරළිය නිමිති කරගෙන. මේ දවස්වලත් මම තවත් අලුත් නිර්මාණයක් එක්ක ජිවත් වෙනවා. බ්ධභපදඥර ධට ජධථථභදඪජචබඪධද නමින් මම අලුත් නර්තන නිර්මාණයක් කරමින් ඉන්නේ. ඒකෙන් කියන්නේ අපේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ගමන් මඟ. මේ වගේ අලුත් අලුත් අත්හදා බැලිම් කරන්න මම හරිම කැමතියි. අනිත් පැත්තෙන් අපි අපේ නිර්මාණ සඳහා විදේශ වෙළෙඳ පොළක් හදන්න ඕන කියන තැන මම නිරන්තරයෙන් ඉන්නවා. ඇත්තටම මගේ මුද්‍රා නාට්‍යය චිත්‍රපට කිරීමේ අරමුණත් ඒකම තමයි. කොහොම හරි මගේ බලාපොරොත්තුව වෙන්නේ මේ චිත්‍රපටය මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ කොහොම හරි පෙන්වන්න තමයි.”
චන්දන මේ රටේ නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් අලුත් අලුත් හඳුන්වාදීම් කළ අති දක්ෂ නර්තනවේදියෙකි. ඔහුගේ නව නර්තන රටා නවීන ලෝකයත් සමඟ එක්ව යන්නක් වුවද ඔහු කිසි දිනක සාම්ප්‍රදාය අමතක කළ නර්තනවේදියකු ද නොවන්නටද වගබලා ගත්තේය. ඒ සමබරතාවය නිරන්තරව රඳවා ගන්නට සිහි තබා ගත්නිසා ඔහු ඉතා කෙටි කලකින්ම මෙරට ජනප්‍රියතම නර්තන නිර්මාණ ශිල්පියා බවට පත්වීමේ කාල වේලාව ඉතා ඉක්මනින් උදා කර ගත්තේය. මේ රටේ සුවහසක් දූ දරුවන් වෙත නර්තන ශිල්පය බෙදා දෙන ගුරුවරයාගේ සිට මෙරට ජනප්‍රියතම රූපවාහිනි වැඩසටහන්, මෙරට ජනප්‍රියතම සිනමා හා සම්මාන උත්සවවල නර්තන නිර්මාණ ශිල්පියා මෙන්ම මෙරට බිහිවෙන බොහෝ සිනමා නිර්මාණයන්හි නර්තන නිර්මාණ ශිල්පියාද වෙමින් අද වන විට ඔහු ගත කරනුයේ අතිශයින්ම කාර්ය බහුල දිවියකි.
‘‘කාර්ය බහුල වෙන්න මම කැමැතියි. මම කාර්ය බහුල වෙන්නේ මගේ විෂය සමඟින්. ස්ටෝරි ඔෆ් සීතා කතාවේ ප්‍රධාන නළු නිළියන් හතර දෙනාම මගේ රංගායතනයේ ශිෂ්‍යයෝ. මේ චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගැනීමේදි අපි සෑහෙන්න හිතා බැලුවා. ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිනියන් යොදා ගැනීම හොඳ වුණාට මේ කතාව නර්තනය මත පදනම් වෙච්ච දෙයක් නිසා නළු නිළියන්ගේ නර්තන හැකියාව පිළිබඳ අපට ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි අපි කල්පනා කළේ අපේ රංගායතනයේ නර්තන ශිල්පින් ම මේ සඳහා යොදා ගන්න. ඒ අනුව අපි රාවණාගේ චරිතයට ලක්ෂිත නිලන්තත්, මන්දෝදරි විදියට පුර්ණිමා උදානිත්, රාමා ලෙසින් නිසිත් අඹේගොඩත්, සීතා ලෙසින් දෙවංගි වික්‍රමසිංහත් මේ සඳහා රංගනයෙන් එක් වෙනවා.
රාම සීතා ප්‍රේමය මුද්‍රා නාට්‍යයක් ලෙසින් නැරඹු ලාංකික රසික ජනතාවට තව නොබෝ දිනකින්ම එය අලුත් ආකාරයේ සිනමා අත්දැකීමක් ලෙසින් නැරඹීමට අවස්ථාව උදා වනු ඇත. සිනමාවට හඳුන්වා දෙන මේ නව අත්හදා බැලීම මෙරට සිනමා රසික ජනතාවගේද හද නළවන නැවුම් ආස්වාද ජනක සිතුවිලි ඇති කරන්නාක් වේවායි අපි ප්‍රාර්ථනය කරමු.
පිටපත : හේමාලි විජේරත්න